1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය සහ ස්ථානය, සහ ඡන්ද විමසීමේ දිනය සම්බන්ධයෙන් 2024 ජුලි මස 26 වන දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. මැතිවරණ කොමිෂන් සභාව අද මෙම තීරණය ගෙන තිබේ.

එසේම, ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දිනය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳ විවිධ පුද්ගලයන් හා පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව කිසිදු වගකීමක් නොදරන බව ද දන්වා සිටී.