ඉදිරි සතිය තුළ දේශීය නිෂ්පාදකයා විසින් වෙළඳපොළට නිකුත් කරන බිත්තරයක මිල රුපියල් 38 දක්වා අඩු නොකළහොත් නැවත බිත්තර ආනයනය කිරීම සඳහා පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
පසුගිය කාලය තුළ බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් යම් යම් ගැටලු පැන නැඟුනත් ඒවා මේ වන විට අවම මට්ටමක පවතින නිසා දේශීය නිෂ්පාදකයාට මිල අඩු කිරීමට හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ඉදිරි උත්සව කාලය තුළ බිත්තර මිල ඉහළ යා හැකි නිසා මිල අඩු නොවුනහොත් දෙසැම්බර් දක්වා බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.