පසුගියදා මහනුවර ප්‍රදේශයේ පැවැති කේක් ප්‍රදර්ශනයක ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පියෙකු එහි සංවිධාන වරියකට වට්ස්ඇප් ඔස්සේ යොමු කළ උත්සයේ ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූපයක් හමුවී ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මේ කාන්තාව පොලිසිය පැමිණිල්ලක් කළ අතර මහනුවර පොලිසිය පරිගණක අපරාධ ඒකකය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මේ ඡායාරූප ශිල්පියා 66 හැවිරිදි පුද්ගලයෙක් වෙන අතර එය ඔහු අතින් අත්වැරදීමෙන් සිදුවූ බවට ඔහු සඳහන් කර ඇත.කෙසේ නමුත් එම ඡායාරූප ශිල්පියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
