ජාතික අධ්‍යාපන විද්‍යා පිහිටවල ඉගෙනුම ලබන සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් රජය විසින් ගෙවනු ලැබුවා.නමුත් දැන් පවතින ආර්ථික තත්ත්වයක් සමඟ එම මුදල ඔවුන්ට ප්‍රමාණවත් නොවන බවට දිගින් දිගටම ඔවුන් විසින් සඳහන් කළා.
ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට කළ දැනුම් දීමක් මත ඔවුන් සඳහා තවත් තුන්දහසක දීමනාවක් ලබා දෙමින් මුළු දීමනාව අට දහසක් දක්වා වැඩි කර ඇත.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගත්තත් එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූවේ මූල්‍ය ප්‍රතිපාදන නොමැති වූ නිසයි.
මෙම දීමනාව අගෝස්තු මස ලබාදීමට සූදානම්.