චම්පා කල්හාරි කියන්නේ ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු අති දක්ෂ ගායිකාවක්.ඇය සම්බන්ධයෙන් කතාකරද්දි ඇය මේ වන විට තනි මවක් විදිහට තමන්ගේ ආදරණීය පුතාවත් බලාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් කිව්වොත් හරි.


කලකට කලින් ඇය ඇක්සිඩන්ට් එකක් නිසා බොහෝ සෙයින් රෝගාතුර වෙලා කාලය ගත කළා.  ඊට පස්සේ ආයෙමත් සැරයක් ඇය කලා කටයුතුත් එක්ක ටිකෙන් ටික එකතු වෙද්දී ඇයගේ ජීවිතය සමහර අත්දැකීම් ප්‍රේක්ෂකයන් එක්ක බෙදා හදා ගත්තා.


ඒ අතරින් ඇය කියපු එක් සුවිශේෂී කතාවක් තිබ්බා. කලකට කලින් ඇය දරුවන් ලැබෙන්න හිටියත් ඒ දරුවන් අහිමිවීමේ සෝචනීය අශෝචනීය අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා. ඒ ඇයගේ ශරීරය උෂ්ණ නිසා.මේ උෂ්ණාධික බව නිසාම ඇයට දරුවන් පිටපිටම අහිමි වෙලා තියෙනවා.එවැනි තත්ත්වයක් උඩ දරු ගැබක් පිහිටියක් දරුවෙක් හදන්න බැරි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීපු ඇය එක්තරා සුවිශේෂී සිදුවීමක් පිළිබඳව කියල තිබ්බේ මේ වගේ කතාවක්.


“ඇත්තටම මම ලැජ්ජ නැතුව කියනවා මට දරු ගැබක් පිහිටියත් ඒක පවත්වා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.අපේ සමාජයේ මොනවා කියනවද කියන්න මම දන්නෑ හැබැයි ඒක උෂ්ණත්වය සම්බන්ධ ක්‍රියාවලියක්.මාස හතරක් වෙලා මගේ එක දරුවෙක් නැති වුණා.ඒක වේදනාවක් මට මතකයි ඩොක්ට කියලත් මම ඒ දරු ගෙබා අයින් කරන්න කැමති උනේ නෑ මොකක් හරි හාස්කමක් වෙයි කියලා.ඊට පස්සේ මගේ බෙල්ල බිබිලි දාන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මම ඩොක්ටර්ට අවනත වුනේ”


ඉතින් ඇය ඔන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා  තිබුනේ කෙසේ නමුත් ආදරණීය පුතත් එක්ක ගත කරන ඇයගේ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.