පසුගිය මැයි සහ ජුනි මස ජලගැලීම් හා ගං වතුර , නාය යෑම වැනි අහිතකර කාලගුණික තත්වයන් හේතු කොටගෙන  සේවයට නොපැමිණී රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදීමට රජය තීරණය කරයි.

ඒ අනුව කොළඹ,කළුතර, ගම්පහ, ගාල්ල ,මාතර, හම්බන්තොට, පුත්තලම කුරුණෑගල, පොළොන්නරුව ,කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබාදීමට ඔවුන් තීරණය කර ඇත.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ප්‍රදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර ඇත.