ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද දින හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසේදී හමුවී ඇත.
ඒ අවස්ථාවේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව ඔවුන් වැඩිදුරටත් සාකච්ඡා කර තිබිණි.
අනතුරුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහට ලබා දෙන ලෙසට දැඩිව ඉල්ලා ඇත.ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.