පසුගිය ඉරිදා සහ සඳුදා දින නිරිත දිග ඉතියෝපියාවට නාය යෑමේ තත්ත්වයක් ඇති වුණා.ඒ අනුව මෙම නාය යැමෙන් මියගිය සංඛ්‍යාව  257 ක් දක්වා ඉහළ ගිය අතර එය තවදුරටත් පන්සිය දක්වා ඉහළ යා හැකි බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

කඳුකර ගෝෆ් ප්‍රදේශයෙන් නායෑම ඉරිදා දින ආරම්භ වුණු අතර එදින අනතුරට පත් වූවන් බේරාගන්නා අවස්ථාවේදී නැවතත් සඳුදා දින නාය යෑමක් සිදුවූ නිසා අනතුරට ලක්වූවන් බේරාගන්නා පුද්ගලයන්ද නායෑමට හසුවුණා.

ඉතියෝපියානු ජාතික ආපදා අවදානම් කළමනාකරණ කොමිසමට අනුව ඊයේ දින පුද්ගලයන් 125දෙනෙක්  අවතැන් වී ඇති අතර දොළොස් දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වෙනවා.

ඉතියෝපියාවේ  රජය සඳහන් කරන්නේ තවත් නාය යෑමේ අවදානමක් පවතින නිසා මේ අවට සිටින 15000ක් පමණ ජනතාව ඉවත් කළ යුතු බවයි.

අන්තර්ජාලය ඇති ඡායාරූප වලට අනුව මිනිස්සු තමන්ගේ ඥාතීන් එවගේම පවුලේ උදවිය සොයා අත් දෙකෙන් මඩහාරමින් මෙහෙයුම් වල නිරත වෙනවා.

නමුත් ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට අදාළ බලධාරීන් කටයුතු කරන අතර සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.