වීරවිල එළිමහන් සිර කඳවුරේ සිර දඬුවමට යටත්ව සිටි රැඳවියෙක් පලා ගොස් ඇති බවට වීරවිල පොලිසිය විසින් ප්‍රකාශ කළා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ එම රැඳවියා කිරිඳිඔය වගා අංශයේ වැඩ කරමින් සිටින අවස්ථාවක මෙලෙස පලා ගිය බවයි.

මෙම කැඳවියා හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදකට මාස හයක සිර දඬුවමකට ලක්වූ පුද්ගලයෙක් බවත් සඳහන්.

පලා ගිය රැඳවියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.