පසුගිය දවසක සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ  සිදුවීමක් පිළිබඳව අතුරුගිරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.


ඒ අනුව පසුගිය ජූලි 8 වැනිදා අතුරුගිරිය පොලිස් වසමේ කැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට යාමේදී තමයි ඔහු මේ සිදුවීමට මුහුණ දුන්නේ.


එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.


එක් සැකකරුවෙක් වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද වෑන් රථ රියදුරු වන අතර, අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගය හරහා දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර රියදුරු වේ.


මෙම සැකකරුවන් කාලයක් තුළ විදේශ රටක සංවිධානාත්මක අපරාධ කරුවෙකු සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.


ඒ වගේම අත්අඩංගුවට පත් වූ එක්ස් සැකකරුවෙක් 26 හැවිරිදි සහ අනිත් සැකකරු 36 හැවිරිදි  වැලි පැන්න සහ අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.