පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා පාස්පොත් නොමැතිවීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම 400ක් දක්වා අවම කර ඇති බවට සඳහන් කරයි.

මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ හතළිස් දහසක පමණ පාස්පොත් ප්‍රමාණයක් පමණයි.කෙසේ නමුත් විද්‍යුත් ගුවන් බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන නිසා ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කළ පොත් නිකුත් නොකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

නව විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍ර කුමවේදයට අනුව චීපයක් මගින් ගුවන් මගියාගේ ඇඟිලි සලකුණු හා දත්ත ජාලගත වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.