කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු එළිමහල් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුණු කෙනෙක් තමයි කියන්නේ.ඉතින් පසුගිය දවසක ඇය දරුණු ආකාරයේ සිදුවීමකට මුහුණ දුන්නා. ඒ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවක් එක්ක.
ඒ දේවල් එක්ක කකුල් දෙකටම වෙඩි වැදුණු කේසුජීවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරා.ඉතින් ඒ දේවල් එක්ක ප්‍රතිකාර ලබමින් ජීවිතයන් මරණයත් අතර සටන් කරපු ඇය මේ වෙද්දි 5% ක පමණ සුවයක් ලබලා කියලා ඇයගේ ආදරණීය දියණිය සඳහන් කරනවා.
ඒ වගේම පසුගිය දින ඇයව නිවස බලා පිටත් කරා කියලත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරා.ඒ වගේම තමයි මේ සිදුවීමත් එක්ක බොහෝ දෙනෙක් කේ සුජීවට චෝදනා එල්ල කළා. ඒ ඇය නයන වාසල නමැති පුද්ගලයෙක් සමග විවාහ ජීවිතයක් ගත කළ නිසයි.බොහෝ දෙනෙක් ඇය ඔහුත් එක්ක විවාහ වුණා කියලා දන්නේ නෑ.මේ නයන වාසල කියන්නේ පැවිදි ජීවිතයක් ගත කරපු කෙනෙක්.ඒ නිසාම තමයි සුජීවට බොහෝ දෙනෙක් මේ විදිහේ චෝදනා කරන්න පටන් ගත්තේ.කෙසේ නමුත් පැවිදි ජීවිතයක් ගත කරලා කරලා සිවුරු ඇරියට පස්සේ ඔහු සුජීවත් එක්ක විවාහ වුණා.ඉතින් කටකතා කියන හැමෝටම ඒ සම්බන්ධයෙන් ඇයගේ ආදරණීය දියණිය කියලා තිබ්බේ මේ වගේ කතාවක්
“ඔව් ලොකුම චෝදනාවක් වුණේ අම්මා පැවිදිවුණු කෙනෙක් අල්ලගත්තා කියන එකනේ. ඒක වැරදියි. ඔය සම්බන්ධය පටන්ගත්තේ එයා සිවුරු ඇරලා ගිහි ජීවිතේ ඉන්නකොට. ඒ දෙන්නා විවාහ වෙලා හරි සතුටින් හිටියා. මං හිතන්නේ අම්මා ජීවිතේ වැඩිපුරම සතුටින් හිටපු අවුරුදු කිහිපය ඒක වෙන්න ඇති. ඒකට හේතුව මිනිස්සු මේ වෙනකල්ම ඒ ගැන මුකුත්ම නොදැන හිටපු එක කියලයි මං හිතන්නේ.”
ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ ගැන කියලා තිබ්බේ කෙසේ නමුත් ඇයට ඉක්මන් සුවය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙ